FAST NEWS

24×7 Around the Globe

රජයේ සේවකයින්ට කැමති වෙලාවක ඇවිත් පැය 08ක් වැඩකර යන්න අවසර…

 

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස රජයේ සේවකයන්ට නම්‍යශීලී කාර්යාල වේලාවන් හඳුන්වා දීමට රජය සැළසුම් කර ඇති බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසා තිබේ.

ඒ අනුව රජයේ සේවකයන්ට උදෑසන 07 සිට 10 දක්වා කාලය ඇතුළත සේවයට පැමිණ පැය අටක සේවා මුරයක් නිම කර පස්වරු 03 සිට 06 දක්වා නික්ම යා හැකිය.

මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පෞද්ගලික අංශය සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සදහන් වේ.

ලබන ජනවාරි මාසයේ සිට අත්හදාබැලීමේ පියවරක් ලෙස රජයේ කාර්යාල විශාල සංඛ්‍යාවක් ඇති බත්තරමුල්ල කේන්ද්‍ර‍ කරගනිමින් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත බවද වාර්තා වේ.