FAST NEWS

24×7 Around the Globe

අමරදේවයන්ගේ අවසන් ඉල්ලීම ගැන බිරිඳ හෙළි කරයි…

 

අද(05) දින අපෙන් සමුගත් අමරදේව ශූරීන් මියයන්නට පෙර දින ඔහුගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මියට කළ අවසන් ඉල්ලීම සම්බන්ධයෙන් තොරතුරු පවසා තිබේ.

අමරදේවයන් එම ඉල්ලීම කර ඇත්තේ බුදුන් දහම් සඟුන් යන තෙරුවනට පිදීම සඳහා මල් 3ක් සූදානම් කර දෙන ලෙසයි.

අමරදේවයන් වැනි අවංක ලංකා පුත්‍රයෙක් ඉදිරි සියවස් කිහිපයේදී හෝ බිහි නොවනු ඇතැයි ද විමලා අමරදේව මහත්මිය එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර අමරදේවයන්ගේ දේහය වෛද්‍ය විද්‍යාලයට භාරදෙන්න මුලින් සැලසුම් කර තිබුණත් පසුව එය මහජන ප්‍රදර්ශනයට තැබුවේ ඔහු වැන්නෙකුට රාජ්‍ය ගෞරව දැක්විය යුතු නිසා බවත් දැනගන්නට ලැබී තිබේ.