FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාරය තුළ පිලිපීන නගරාධිපතිවරයෙකු මරා දැමුන හැටි මෙන්න…

 

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා ලැබ රැඳවුම් භාරයේ සිටි පිලිපීනයේ නගරාධිපතිවරයෙකු බන්ධනාගාරය තුළදී වෙඩිතබා ඝාතනය කර තිබේ.

පොලීසිය පවසා ඇත්තේ අල්බුඑරා නගරයේ නගරාධිපතිව සිටි රොනාල්ඩෝ එස්.පි.නෝසා සහ තවත් රැඳවියෙකු මරා දැමුණේ අනවසර ආයුධ ළඟ තබාගෙන සිටීදැයි පරීක්ෂා කිරීමට පැමිණි බන්ධනාගාර නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කිරීම හේතුවෙන් බවයි.

පසුගිය අගෝස්තු මාසයේ ඇරඹි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවන් හෙළි කිරීමේ ජනාධිපති රොඩ්රිගෝ දුටර්ටේගේ මෙහෙයුමේ දී නම් කෙරුණු නිලධාරීන් එකසිය පනහකට වැඩි පිරිසකගෙන් එක් අයෙකු වූයේ රොනාල්ඩෝ එස්.පි.නෝසා ය.

රොනාල්ඩෝ බලධාරීන් වෙත සිය කැමැත්තෙන්ම භාර වී ඇත්තේද තමා මරා දමනු ඇති බවට බියක් පවතින බව පවසමිනි.

පසුගිය සතියේ ජනාධිපති දුටර්ටේ විසින් නම් කරනු ලැබූ තවත් නගරාධිපතිවරයෙකු වූ සමුසුදින් දිමව්කොම් දකුණු පිලිපීනයේදී පොලීසිය සමග පැවති වෙඩි හුවමාරුවකදී මරණයට පත්වූ බව වාර්තා විය.