FAST NEWS

24×7 Around the Globe

කඩිනමින් ඉදිවන නව නගර පහ මෙන්න…

 

මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අංග සම්පූර්ණ නව නගර 5ක් කඩිනමින් ඉදි කිරීමට තීරණය වී තිබේ.

රාගම, හෝමාගම, හොරණ, රත්මලාන, සහ කිරි මණ්ඩල මාවතේ ඒවා ඉඳි කිරීමට පියවර ගෙන ඇතැයි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පුවත්පතකට සඳහන් කර තිබේ.

එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ රෝහල්, පාසල්, කාර්යාල, කර්මාන්තපුර හෝ රජයේ සහ පෞද්ගලික කාර්යාල සහිතව නගර ස්ථාපිත කරනු ලබන බවයි.