FAST NEWS

24×7 Around the Globe

පියයුරු පිළිකා සදහා වු පළමු ඖෂධය අනුමත වෙයි…

එක්සත් රාජධානී සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය පද්ධතිය තුළ පුළුල් වශයෙන් භාවිතා කිරීම සදහා පියයුරු පිළිකා සදහා වු පළමු ඖෂධය අනුමත කරනු ලබයි.

එරිබියලන් නැමති ඖෂධය ජාතික සෞඛ්‍ය පද්ධතිය හරහා ලබාගැනීමට සෞඛ්‍ය හා ආරක්ෂණ විශිෂ්ටතා ජාතිකායතනය මගින් අනුමත කිරීම පියයුරු පිළිකා වැළදී ඇති කාන්තාවන්ට ඉතා ප්‍රයෝජනවත් වනු ඇති.

මෙම ඖෂධය හැලෙයිවන් යනුවෙන්ද හදුන්වනු ලැබේ.

අනිකුත් ප්‍රතිකාර හා සසදන කල මෙම ඖෂධය මගින් පියයුරු පිළිකා වැළඳි ඇති කාන්තාවන්ගේ ආයුකාලය මාස 3කින් වර්ධනය කරනු ලබන බව කරන ලද අත්හදා බැලීම්වලින් තහවුරුවී ඇත.

මෙම ඖෂධය ලබාදීම තුළින් ඉතා වටිනා විකල්පයක් වනු ඇති බවත් මෙම අනුමත කිරීමේ පුවත පිළිකාවලින් පිඩාවිදින්නන්ට සුභවාදී ආරංචියක්  වනු ඇති බවත් පියයුරු පිළිකා මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී  බැරලස්ඩෙලිත් මෝගන් කියා සිටියේය.