FAST NEWS

24×7 Around the Globe

රෝස පන්දුව සමඟ දිවා රාත්‍රී ටෙස්ට් තරගය නොවැම්බර් 27.

රෝස පැහැති පන්දුව භාවිත කර දිවා රාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීමේ අත්හදාබැලීමක් සිදුකිරීමට නවසීලන්තය-ඔස්ට්‍රේලියාව කටයුතු කර තිබේ.

මෙම තරගය ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 1 වැනිදා දක්වා පැවැත්වීමට මේ වනවිට කටයුතු සම්පාදනය කර ඇතැයි ඔස්ට්‍රේලියා ක්‍රිකට් හි ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් මහතා ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

මේ පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේද සහාය හිමිව ඇති අතර, එහි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් පවසන්නේ අදාළ තීරණය ඉතාමත් හොඳ තීරණයක් බවයි.