ශ්‍රී ලංකාව සමග එළඹෙන පෙබරවාරීයේ පැවැත්වීමට නියමීත විස්සයි විස්ස තරග තුනකින් යුත් තරගවාලිය සඳහා ඔස්ට්‍රේලියා විස්සයි විස්ස කණ්ඩායමේ පුහුණුකාර ධුරය දැරීමට තමන් කැමති බව හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක රිකී පොන්ටින්ග් එරට මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා වු කණ්ඩායමට මෙ වන විට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවෙකු සොයමීන් සිටින බවත් තමන් එම වගකීම භාර ගැනීමට කැමති බවද පොන්ටින්ග් වැඩිදුරත් අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන කාල සීමාව තුළ ඉන්දීයාව සමග බෝඩර් ගවස්කාර් ටෙස්ට් තරගාවලිය පැවැවෙන හෙයින් ඔස්ට්‍රේලියානු නිත්‍ය පුහුණුකරු වු ඩැරන් ලීමන් කාර්ය බහුල විම නිසා ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගැනීමට හේතුව වී තිබේ.
එසේම තමන් ඉදිරි මාස කිහිපයේදී ඔස්ට්‍රේලියා ක්‍රීකට් ආයතනයෙන් පුහුණුකාර ධූරය සම්බන්ධයෙන් හොඳ පිළිතුරක් අපේක්ෂාවෙන් පසුවන බවද රිකී පොන්ටින්ග් මාධ්‍ය වෙත පවසා තිබේ.
මෙ වන විට ඔස්ට්‍රේලියාව ටෙස්ට් හා එක්දින කණ්ඩායම් වලට අමතරව විස්සයි විස්සයි කණ්ඩායමේ කටයුතු පවත්වාගෙන යයි.








