FAST NEWS

24×7 Around the Globe

උතුරේ ‘ආවා’ කල්ලිය ගැන රාජීතගේ කතාවට ගෝඨාගෙන් උත්තරයක්..

උතුරේ ‘ආවා’ කල්ලිය සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (02) කළ ප්‍රකාශය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්‍ෂෙප කරයි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ අනුදැනුම යටතේ මෙම කල්ලිය ආරම්භ වූ බවයි.

දැනටත් ඔවුන් කටයුතු කරන්නේ ඔවුන් පෝෂණය කළ පිරිස්වල අවශ්‍යතා අනුව දැයිද රාජිත සේනාරත්න අමාත්‍යවරයා සැකයක් මතු කළේය.

මීට ප්‍රතිචාර දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අමාත්‍යවරුන් කරන මෙවැනි ප්‍රකාශවලින් තමන්ට නොව අපහාසයක් සිදුවන්නේ සමස්ත හමුදාවට බවයි.

“දේශපාලන වශයෙන් මට පහර ගහන්න මේ වගේ ප්‍රකාශ කළාම සමස්ත හමුදාවටම පහර වදිනවා. හමුදාව මෙහෙම දේවල් කළේ නැහැ.” යයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.