FAST NEWS

24×7 Around the Globe

තෙවන තරගයට සංගාගේ ස්ථානයට ආදේශකයක් තවම නෑ.

පාකිස්තානය සමග පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගය සඳහා කුමාර් සංගක්කාර වෙනුවට සහභාගි කරවන්නේ කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නොමැති බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

දෙරට අතර ලබන 03 වැනිදා පල්ලේකැලේ දී ආරම්භ වන ටෙස්ට් තරගය සඳහා සහභාගි නොවන බව කුමාර් සංගක්කාර මීට පෙර ප‍්‍රකාශ කළා. ඒ අනුව ඔහුගේ හිස්තැනට යොදවන්නේ කවුරුන්දැයි ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැතිව්ස් මේ බව කියා සිටියා.