FAST NEWS

24×7 Around the Globe

රේඩාර්වලට හසුනොවී යන චීනයේ නව ප්‍රහාරක යානය මෙන්න…

 

චීනය දීර්ඝ කාලයක් මුළුල්ලේ අතිශය රහසිගත ලෙස සැලසුම් කළ J-20 ස්ටීල්ත් ප්‍රහාරක යානා ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට එක්කර තිබේ.

චීනයේ ගුවාන්ඩොන්ග් හි පැවති ගුවන් සංදර්ශනයකදී මෙම යානා දෙකක් පියාසර කර ඇති අතර, රේඩාර්වලට හසුනොවී ගමන් කළ හැකි මෙම ප්‍රහාරක යානා මිනිත්තුවක කාලයක් පමණක් සිය හපන්කම් දක්වා අතුරුදන්ව තිබේ.

මෙම ගුවන්ඩොන්ග් ප්‍රදේශය සැලකෙන්නේ චීනයේ ගුවන්යානා නිෂ්පාදකයන් හා ගැනුම්කරුවන් මුණගැසෙන ප්‍රදේශයක් ලෙසිනි.

මෙම අධි තාක්ෂණික ප්‍රහාරක යානා, චීනයේ හමුදා ශක්තිමත් කර ගැනීමට මෙන්ම වැඩි දියුණු කර ගැනීමට බීජිං පාලනය දරන උත්සාහය සංකේතවත් කරන අවස්ථාවක් විය.

චීන ජනාධිපති ෂී ජින්පින් එරට හමුදාව ලෝකයේ බලවත්ම හමුදාව වනු දැකීමේ ඒකායන බලාපොරොත්තුවෙන් පසුවන අතර, ඒ අනුව, ඔහු ඒ සඳහා වූ වැඩපිළිවෙළ රැසක් මේ වනවිටත් ක්‍රියාවට නංවා අවසන් බව සදහන් වේ.

මෙම J-20 ස්ටීල්ත් ප්‍රහාරක යානා නිෂ්පාදනය කරන චීනයේ චෙන්ග්ඩු ගුවන් යානා සමාගම චීන රජයේ ගුවන්යානා සමාගමේ උප සමාගමක්ද වේ.