FAST NEWS

24×7 Around the Globe

හේරත්ගෙන් ශ්‍රී ලංකා නායකත්වය ගලවා උපුල් තරංගට දෙයි..!

 

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම හෙවත් එක්දින කණ්ඩායමේ නායකත්වය උපුල් තරංග වෙත හිමි වීමට නියමිත බව ක්‍රීකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් අාබාධ සහිත බැවින් සිම්බාබ්වේ සංචාරය සඳහා එක් නොවු අතර එහෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පුරප්පාඩු විය.

 එහෙයින් සිම්බාබ්වේ සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ නායකත්වය දඟ පන්දු යවන ජේෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් හට හීමි විය.

කෙසේ වෙතත් රංගන හේරත් එක්දින පිටියෙන් සමුගෙන තිබීම නිසා ඔහුට එක්දින කණ්ඩායමේ නායකත්වය හිමි නොවන අතර, එ් අනුව තුන්කොන් එක්දින තරගාවලියට හේරත්ගෙන් පසුව ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම ජේෂ්ඨ එක්දින ක්‍රීකට් ක්‍රීඩක උපුල් තරංග වෙත පැවැරෙනු ඇතැයි වාර්තා වේ.