FAST NEWS

24×7 Around the Globe

විසි වසරක වේදනාව සිර කරන් කිලෝමීටර් 700ක් ඇවිද්ද මහේල කඳුලු සලමින් කළ සංවේදී කතාව මෙන්න… (වීඩියෝ)

 

ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කිරීම පිණිස පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර 700 ක් පුරා පැවති ට්‍රේල් පා ගමන ඊයේ (01) අවසන් විය.

පාගමන අවසානයේ කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ඊට මුල් ගල් තැබීමද සිදු වූ අතර
මෙම පා ගමනේ මූලකත්වය ගෙන තිබුණේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනයි.

මෙහිදී අදහස් දක්වමින් මහේල පවසා සිටියේ මෙම පිළිකා රෝහල ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කර ගැනීම පිණිස සහාය දුන් සියලු ශ්‍රී ලංකාවාසීන්ට ස්තූතියි කරන බවයි.

මීට විසි වසරකට ඉහතදී පිළිකා රෝගයෙන් මියගිය තම සොහොයුරා සිහිපත් වන බව මහේල කඳුලු සලමින් සඳහන් කර තිබේ.

පාගමන තුළදී ශ්‍රී ලංකාවාසීන්ගෙන් ලද ප්‍රතිචාරය කෙබඳුදැයි පැහැදිළි කරමින් කතා කළ මහේල, “මම හිතන්නේ මගේ ජීවිතේ සුන්දරම දවස් 27 ක් ගෙවුනා. උතුරේ පේදුරුතුඩුවේ ඉඳලා අපි මාතරට ඇවිල්ලා තියෙනව. ශ්‍රී ලංකාවේ ජනතාව ‘කෙතරම් සුන්දර ද, කෙතරම් පරිත්‍යාගශීලී ද,” යැයි පවසද්දී ඉතා හැඟුම්බර විය.

එම වීඩියෝව පහතින්..