FAST NEWS

24×7 Around the Globe

‘අයිශ්’ගේ උපන්දිනය දිනය දවසේ වෙබ් අඩවියක් කළ අමුතු හදුන්වා දීම මෙන්න…

 

ලෝකයේ රූමත්ම කාන්තාව ලෙස සැලකෙන අයිශ්වර්යා රායි අද(01) 43 වැනි වියට පා තබන බව වාර්තා වේ.

1994 වසරේ ලෝක රූ රැජිණ කිරුළ දිනූ අයිශ්වර්යා හින්දි සිනමාවේ රැජිණ ලෙස සැලකෙන අතර ඇය ලෝකයේ ප‍්‍රධාන පෙළේ සිනමා තාරකාවියකි.

ඉන්දියානු මාධ්‍ය බොහොමයක් අද(01) ඇයට සුභ පැතීම වෙනුවෙන් ඉඩකඩ වෙන් කර තිබේ.

බොහෝ මාධ්‍ය අයිශ්වර්යාගේ ජයග‍්‍රහණ, වර්ණනාවන් හා සුභපැතුම් පමණක් වාර්තා කරද්දී ‘ද ඉන්දියන් එකස්ප‍්‍රස්’ වෙබ් අඩවිය විසින් අයිශ්වර්යා ඉන්දියාව ලෝකයට ගෙන යන ප‍්‍රධානතම අලෙවිකරණ යන්ත‍්‍ර නිර්මාණයක් ලෙස හඳුන්වා ඇති අතර “ඇය තවමත් අපට සිටින ප‍්‍රධානතම අලෙවි නිෂ්පාදනයක්” යනුවෙන් අයිශ්වර්යා පිළිබඳව  ඉන්දියන් එක්ස්ප‍්‍රස් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.