FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ඩී.වී. චානකට කම්කරු රස්සාව ලැබෙන විදිහ ගැන මහින්ද කියූ හැටි මෙන්න…

 

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හම්බත්තොට ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් රැකියා ලබාදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීම හේතුවෙන් ඒ පිළිබඳ බොහෝ දෙනෙක් සිය අදහස් ප්‍රකාශ කළ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ (30දා) සූරියවැව පැවැති උත්සවයකදී මේ පිළිබඳ අදහස් දක්වා තිබේ.

“රැකියාලාභී තරුණ සංසදය ඇවිත් චමල් රාජපක්ෂ මහත්තයට උපහාර පුදනකොට මට මතක් වුණේ මේ පැත්තෙ ඉන්න ඇමති හාමු කෙනෙක් ගහක් යටට වෙලා රැකියා බෙදපු හැටි. මං බැලුවා මොකද්ද දෙයියනේ ගහක් යටට වෙලා මේ කරන්නෙ ගෙයක් ඇතුලට ගෙන්නගන්නේ නැතිව කියලා.

ගහක් යටට වෙලා සන්ග්ලාස් දෙකකුත් දමාගෙන උපාධිධාරීන් පෝලිම් කරලා කොට නම් කම්කරු, උස නම් සිකියුරිටි කියනවා. ඔන්න තමුන්නාන්සේලා උඩ පැන පැන පත් කරපු මන්ත්‍රීලා රස්සා දෙන හැටි. ඔය රස්සා දෙන විදියට ඩී.වී.චානක මන්ත්‍රීතුමා රස්සාවක් ගන්න ගියානම් ලැබෙන්නේ කම්කරුම තමයි ඉතින්. ඉගෙන ගත්ත එකෙන් වැඩක් නෑ. උස ටිකක් තිබුණා නම් යන්තම් සිකියුරිටිවත් යන්න තිබුණා.

මේ විදියට රස්සා දෙන්න ගියොත් හොඳට තියේවි. කිව්වෙ නම් උගත්කමට විතරයි රස්සා දෙන්නේ කියලයි. ඔන්න පේනවානේ රස්සා දෙන විදිය. මේ විදියට අපේ ජනතාවට අපහාස කරන්න එපා කියලා මං සජිත් ප්‍රේමදාසට කියනවා. මේ ජනතාව විහිළුවකට ගන්න එපා” යනුවෙන්ද ඔහු පවසා තිබේ.