FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම ඉතාලියට බලපෑ භූ කම්පනය රික්ටර් පරිමාණ 6.6ක්…

මධ්‍යම ඉතාලියට අද (30) පෙරවරුවේ බලපෑ භූ කම්පනය රික්ටර් පරිමාණ 6.6ක් බව යුරෝපා-මධ්‍යධරණී භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.

මෙම භූ කම්පනය රික්ටර් පරිමාණ 7.1ක ප්‍රබල භූ කම්පනයක් බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මීට පෙර පවසා තිබුණි.

එම කලාපයේම ප්‍රබල භූ කම්පන දෙකකින් ගොඩනැගිලි රැසක් සුන්බුන් බවට පත්කර දින කිහිපයකට පසුව මෙම භූ කම්පනය සිදුව තිබේ.

මෙම නවතම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳ වාර්තා නොවූවත්, ඉන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

එමෙන්ම, ඉතාලියේ රෝම අග නගරයේ ජනතාවට පවා මෙම භූ කම්පනය දැනී ඇති බවත්, රෝම නගරයේ ගොඩනැගිලි පවා ඉන් සෙලවී ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.