FAST NEWS

24×7 Around the Globe

දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ වීරයා සම්මානය ධම්මීකට.

පාකිස්තානය සමග පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ වීරයා ලෙස ශී‍්‍ර ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක ධම්මික ප‍්‍රසාද් සම්මාන දිනා ගත්තා. කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගය ශී‍්‍ර ලංකාව ජය ගත්තේ කඩුලූ 7කින්.

අවසන් දිනය වූ අද (29) තරගය ජය ගැනීම සඳහා ශී‍්‍ර ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 153 ක්. එම ලකුණු සංඛ්‍යාව කඩුලූ 3 ක් පමණක් දැවී පසුකර යාමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. මෙම තරගයේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ධම්මික ප‍්‍රසාද් බිඳ හෙලූ මුළු කඩුලූ සංඛ්‍යාව 7 ක්.

ශී‍්‍ර ලංකා පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 35 ක් රැස් කිරීමටද ඔහු සමත් වුණා. ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය මවුබිමේ ලැබූ පනස් වැනි ටෙස්ට් කි‍්‍රකට් ජයග‍්‍රහණයද මෙය වනවා.