FAST NEWS

24×7 Around the Globe

මහින්ද 06 වෙනිදා වැඩ අරඹයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය එළැඹෙන 06 වැනිදා අනුරාධපුරයේදී ආරම්භ කරන බව කුරුණෑගල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාලින්ද දිසානායක පැවසීය.

ඔහු පැවසුවේ මහින්ද රාජපක්ෂ එදිනට අනිවාර්යයෙන්ම එම වේදිකාවට ගොඩවෙන බවය.

ඊයේ පස්වරුවේ ඉබ්බාගමුව හිරියාල මැතිවරණ කොට්ඨාශයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සාලින්ද දිසානායක.

දැන් හැම පැත්තෙන්ම හිරවීගෙන හිරවීගෙන එනවා.

ඒ නිසා මෛත‍්‍රීපාල ජනාධිපතිතුමා තනියෙන් හම්බවෙන්න ඕනෑ කියා හදිසියේම මහින්ද රාජපක්ෂට කිව්වා.

පහුගිය දවසක දෙදෙනා යම් තැනකදී තනියෙන් හම්බවුනා.

ඒ හම්බ වුනාම කිව්වා ඔයාට අගමැති අපේක්ෂකකම දෙන්නම් කියලා.

හැබැයි මට නම් ඒ ගැන විශ්වාසයක් නෑ.

ඒ කොහොම වෙතත් මේ එන 06 වැනිදාට මහින්ද රාජපක්ෂ අනුරාධපුරේදී පළමුවැනි ඡන්ද වේදිකාව ආරම්භ කරනවා.

මහින්ද රාජපක්ෂ ඒ වේදිකාවට ගොඩවෙනවා.

ඒකට යන්න ලෑස්ති වෙන්න. යැයි පැවසීය.