FAST NEWS

24×7 Around the Globe

”Renault Kwid” මෝටර් රථය නිසා ඉන්දීය මෝටර් රථ වෙළෙඳපොළේ වර්ධනයක්…

 

වසරේ මේ දක්වා කාලය තුළ දී ඉන්දියානු මෝටර් රථ වෙළෙඳපොළ 17% කින් වර්ධනය වී ඇති බවත් එහිදී Renault මෝටර් රථ අලෙවිය 7 ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් Business Standard වෙබ් අඩවිය අනාවරණය කර තිබේ.

ප්‍රධාන වශයෙන් මේ සඳහා හේතු වී ඇත්තේ පසුගිය වසරේ අග භාගයේ දී හඳුන්වා දෙන ලද Renault Kwid හැච්බැක් මාදිලියේ මෝටර් රථය ඉන්දියාව තුළ සීඝ්‍ර ජනප්‍රියත්වයක් අත්පත් කර ගැනීමයි.

2016 වසර තුළ දී මේ දක්වා Renault Kwid ඒකක 82,771 ක් ලියාපදිංචි කර තිබෙන අතර මෙම වසරේ තෙවන කාර්තුවේ දී පමණක් ලියාපදිංචි කර ඇති Kwid රථ ප්‍රමාණය 34,350 ක් ලෙස මෙහිදී වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර Renault ඉන්දියා සමාගම මෙහිදී කියා සිටින්නේ වසර තුළ Kwid ඒකක 165,000 ක් සඳහා ඇණවුම් ලැබී ඇති බවත් හා මේ වන විට 97,000 ක ප්‍රමාණයක් බෙදා හැර ඇති බවද සඳහන් වේ.

Kwid මෝටර් රථ සඳහා තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් මේ වන විට මාසයක දී නිෂ්පාදනය කරනු ලබන ඒකක ප්‍රමාණය 10,000 ක් දක්වා ඉහළ නංවා ඇති බවද සමාගම පවසා තිබේ.