FAST NEWS

24×7 Around the Globe

දකුණේ කැස්බෑවො සිය ගණන් මැරෙන හේතුව මෙන්න…

 

පානදුර සිට වැලිගම දක්වා මුහුදු තීරයේ ඉකුත් මාසයක පමණ කාලයකදී කැස්බෑවුන් සියයක් පමණ මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ හික්කඩුව උද්‍යාන භාරකරු කසුන් තරංග මහතා පවසා තිබේ.

විශාල දැල් යොදා මසුන් ඇල්ලීමේදී දැල්වල පැටලීමෙන් මෙසේ කැස්බෑවුන් මියයන අතර කැස්බෑවකු මිනිත්තු හතළිස් පහකට වරක් හුස්ම ගැනීම සඳහා මුහුද මතුපිටට පැමිණිය යුතු වුවත් මාළු දැල්වලට හසුවීමෙන් හුස්ම ගැනීමට උඩට ඒමට නොහැකිවීමෙන් මේ කැස්බෑවුන් මියයන බව වාර්තා වී තිබේ.

ඊයේ (27) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වූ අවස්ථාවේ මේ තත්වය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ අවධානය යොමු විය යුතු බව අවධාරණය විය.