FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ නිවසේ මියගිය තරුණයා ගැන මරණ පරීක්ෂක කල ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න…

 

කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ හෝකන්දර මංගල මාවතේ පිහිටි නිවස තුළ නින්දේ පසු වූ තරුණයකු වන 24 හැවිරිදි ලහිරු ජනිත් දිසානායක යන තරුණයාගේ මරණය සැක සහිත බවට වාර්තා වී තිබේ.

මියගිය අයගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති අතර බාහිර සලකුණු කිහිපයක්‌ දක්‌නට ඇති නිසා ඔහුගේ මරණය සැක සහිත බව නිගමනය කරමින් මරණ පරීක්‍ෂකවරයා විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරයා විසින් සිදු කරන ලද මරණ පරීක්‍ෂණය අනුව ලබා දුන් තීරණයෙන් පසුව විනිසුරු  ධම්මික හේමපාල මහතා විසින් ඊයේ (27 දා) පෙරවරුවේ මියගිය තරුණයා නින්දේ සිටි බව කියන විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස්‌ ස්‌ථානීය පරීක්‍ෂණයක්‌ සිදු කර තිබේ.

ඒ අනුව විනිසුරු  ධම්මික හේමපාල මහතා මියගිය තරුණයාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වා අදාළ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තලංගම පොලිසියට නියෝග කර තිබේ.

තලංගම පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එච්. එම්. වයි. නාලක මහතාගේ මූලිකත්වය ඇතිව පොලිස්‌ සැරයන් වන අමරසේකර හා පොලිස්‌ කොස්‌තාපල් චින්තක රණසිංහ යන මහත්වරු ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරන බව වාර්තා වේ.