FAST NEWS

24×7 Around the Globe

මොලයක් නොවෙයි අලයක්.. ‘මිස්ටර් ක්ලීන්’ නොවෙයි ‘මිස්ටර් ඩර්ටි’.. – විමල් මැතිසබේදී රනිල්ට බැදුම්කර ජාතකය ගැන දෙසූ හැටි මෙන්න .. (වීඩියෝ)

 

යහපාලනය යටතේ සිදු වූ මහ බැංකු බැදුම්කර වංචාව ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ අති දැවැත්න මුදල් මංකොල්ලය බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසා ති‍බේ.

පාර්ලිමේන්තුවේදී පෙරේදා(26) පැවති වැට් බදු ඉහල නැංවීම පිලිබද විවාදයේදී අදහස් පල කරමින් ඔහු පවසා ඇත්තේ කලින් නම් අගමැති රනිල් වික‍්‍රමසිංහට කිවුවේ ‘මිස්ටර් ක්ලීන්’ කියා වුවත් දැන් ඔහු ‘මිස්ටර් ඩර්ටි’ ලෙසින් නම වෙනස් කරගෙන ඇති බවයි.

රනිල් වික‍්‍රමසිංහ යනු මහා මොලයක් යයි විපක්‍ෂයේ සිටියදී කියා සිටියද ආණ්ඩුව කරද්දී වසර දෙකක් යන්න පෙර රටේ ආර්ථිකය හතර ගාතෙන් බිම ඇද දමා මහ දවාලේ මහ බැංකුව මංකොල්ල කා ඇති නිසා අද කියන්නට ඇත්තේ ‘මොලයක් නොවෙයි අලයක්’ ලෙස බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේ විපක්‍ෂයේ දැඩි බාධාකාරීම් මැදයි.

සම්පුර්ණ වීඩියෝව පහතින්..