හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හෝ වෙනත් ජ්‍යෙෂ්ඨයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානමින් සිටින බව වාර්තා වෙයි.
ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා පක්ෂයේ සභාපති ධුරය අතහැර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට එය පිරිනමනු ඇති.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ බොහෝ විට කුමාරතුංග මහත්මියට පක්ෂ සභාපති ධුරය ලබාදෙනු ඇති බවයි.
මෙසේ සභාපති ධුරය වෙනත් අයෙකු පැවරීමට තීරණය වී ඇත්තේ පවතින දේශපාලන තත්ත්වය හමුවේ ශ්රීලනිපය තුල දැඩි තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාවක් මතුව තිබීම හේතුවෙන් යයිද දැනගන්නට ඇත.








