FAST NEWS

24×7 Around the Globe

2020 වන විට වනසතුන් අහිමි වන ලකුණු…

 

ලොව පුරා වනසත්ව ගහණය වර්ෂ 1970 සිට 58% කින් අඩුවී ඇති බව නවතම වාර්තාවකින් දක්වා තිබේ.

ලන්ඩනයේ සත්ව විද්‍යා සංගමය (ZSL) සහ ලෝක වනසත්ව අරමුදල (WWF) එක්ව ඉදිරිපත් කර ඇති The Living Planet තක්සේරු වාර්තාව මගින් මෙම හෙළිදරව්ව සිදුකර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම නැඹුරුව දිගින් දිගටම පැවතුණහොත් වර්ෂ 2020 වනවිට පෘෂ්ඨවංශිකයන්ගෙන් තුනෙන් දෙකක්ම තුරන්ව යනු ඇති බවයි.

එහිදී, ඇළ දොළ, ගංගා හා ජල මූලාශ්‍ර ආශ්‍රිතව ජීවත්වන සතුන් මෙහිදී වැඩිම අවදානමට ලක්ව ඇති බවත්, ඔවුන්ගේ ගහණය බොහෝ සේ අඩුවිය හැකි බවත් එම දත්ත වැඩිදුරටත් පෙන්වා දී තිබේ.