FAST NEWS

24×7 Around the Globe

මට්ටක්කුලියේ පාතාල ගැටුමෙන් මැරුණ 4දෙනා මැති ඇමතිවරු සමග කරපු වැඩ මෙන්න…

 

මට්ටක්කුලිය සමිත්පුර ප‍්‍රදේශයේ පසුගිය 23 වනදා ඝාතනයට ලක්වූ පුද්ගලයින් සිව් දෙනාගේ දේශපාලන සම්බන්ධතා රැසක් පිළිබඳව අනාවරණය වී තිබේ.

මියගිය පුද්ගලයින් අතර සිටින ආර්. පී. නුවන් සංජීව,රංග පෙරේරා,දෙනුවන් ,මොහොමඩ් මවුන් රජයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බව මේ වන විට හෙළිව තිබේ.

ඔවුන් අතර බන්ධනාගාර ගතව සිටි පිරිස ඒ වන විට බන්ධනාගාරයේ සිටි හිටපු ප්‍රභල දේශපාලන නායකයෙකුගේ පුත්‍රයෙකුට දැඩි සැලකිළි දක්වා ඇති අතර ඔහුගේ ආවතේව කටයුතු සියල්ල සිදු කර ඇත්තේ ද ඔවුන් විසින් බව වාර්තා වේ.

පාතාල කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුවූ අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.