FAST NEWS

24×7 Around the Globe

සෙලිෆියක් නිසා සුපිරි පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් හිරේට…? (වීඩියෝ)

 

ඇමෙරිකානු පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් ( Justin Timberlake ) ඡන්ද මධ්‍යස්ථානයේදී ලබාගත් සෙලිෆි ඡායාරූපයක් හේතුවෙන් මේ වනවිට දැඩි දෝෂාරෝපණයට ලක්ව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඇමෙරිකානු පොප් ගායකයා හට සිර දඬුවම් ලැබීමට ඉඩකඩ ඇති බවයි.

නොවැම්බර් 8 වනදා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම ඇතැම් ප්‍රාන්ත තුල ආරම්භ වුන අතර ඒ අනුව පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් ඡන්දය ප්‍රකාශ කිරීමට ගොස් සිටි අවස්ථාවේ ඡන්ද මධ්‍යස්ථානයේදී මෙම සෙල්ෆි ඡායාරූපය ලබාගෙන තිබේ.

ඡායාරූපය ගැනීමෙන් පසුව 35 හැවිරිදි ගායක ශිල්පියා එය සමග වෙබ් අඩවි තුල පළකර තිබුනේ තමන් ලොස් ඇන්ජලීස් නුවර සිට මෙම්පීස් නගරයට පැමිණ ඡන්දය ප්‍රකාශ කල බවයි.

කෙසේ නමුත් ටෙනිසීස් ප්‍රාන්තයේ ඇති නීති රීති වලට අනුව ඡන්ද මධ්‍යස්ථානයකදී ඡායාරූප ලබාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

වීඩියෝව පහතින්..