ටොයොටා මෝටර් රථ වා බැලූනවල (එයාර් බෑග්) පැවතිය හැකි දෝෂයක් හේතුවෙන් ලොව පුරා එම ටොයොටා ලක්ෂ 58ක් යළි කැඳවීමට එම සමාගම කටයුතු කර තිබේ.
මෙහිදී ප්‍රධාන වශයෙන් යුරෝපය, ජපානය සහ චීනය ආශ්‍රිතව අලෙවි වී ඇති කෙරොල්ලා, යාරිස් සහ එටිඔස් ආදී ටොයොටා රථවලට මෙය බලපෑ හැකි බවත්, එම රථ 2000 මැයි සිට 2014 දෙසැම්බර් දක්වා කාලය තුළ නිෂ්පාදිත රථ බවත් සමාගම නිවේදනය කරයි.
විශේෂයෙන්ම ටොයොටා රථ සඳහා යොදාගෙන ඇති ජපානයේ ටකාටා සමාගමේ නිෂ්පාදිත වා බැලූනවල පොම්පය පුපුරා යෑමේ හේතුවක් නිසා මෙම යළි කැඳවීම සිදුකර තිබේ.
ඒ අනුව, මෙම ටකාටා එයාර් බෑග් දෝෂය නිසා ටොයොටා සමාගම විසින් යළි කැඳවන මෝටර් රථ සංඛ්‍යාව මිලියන 23.1 දක්වා වැඩිවන බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.







