FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීලයට පාන්දු ලෝක කුසලානය දිනා දුන් කාලෝස් දිවියෙන් සමුගනී…

වර්ෂ 1970 දී බ්‍රසීලයට පාපන්දු ලෝක කුසලාන දිනාදුන් කණ්‌ඩායමේ නායකයා ලෙස කටයුතු කළ සුපිරි ක්‍රීඩක කාලෝස්‌ ඇල්බර්ටෝ ඊයේ (26දා) අභාවප්‍රාප්ත වී තිබේ.

රියෝද ජැනයිරෝ නුවරදී හෘදයාබාධයක්‌ හේතුවෙන් ඔහු මිය යන විට 72 වැනි වියේ පසුවිය.

ඉතාලි කණ්‌ඩායම සමග 1970 පැවැති පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේදී කාලෝස්‌ විසින් ගෝලයක්‌ වාර්තාකර කණ්‌ඩායමට කුසලාන දිනා දීමේදී මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ.

එමෙන්ම සිය ක්‍රීඩා දිවියේදී ක්‍රීඩා සමාජ 13 ක්‌ නියෝජනයකර ඇති හෙතෙම පුහුණුකරුවෙක්‌ වශයෙන්ද කටයුතු කර තිබේ.