FAST NEWS

24×7 Around the Globe

අනියම් බිරිද නිසා නැවත අර්ජුන් මහේන්ද්‍රන් රකින්න හිටගත් ශ‍්‍රීලනිප කෝප් සාමාජිකයා කවුද…?

 

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශණ වාර්තා සම්බන්ධයෙන් පෙරේදා(25) දින පාර්ලිමේන්තුවේදී හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසට දැඩි ලෙස විවේචන එල්ල කරනු ලැබූ කෝප් කමිටුවේ ශ‍්‍රිලනිප නියෝජිතයෙක් ඊයේ(26) පස්වරුවේ පැවති කෝප් කමිටු හමුවේදී සම්පුර්ණයෙන්ම ඊට ප‍්‍රතිවිරුද්ද මතයක් දරමින් හිටපු මහ බැංකු අධිපතවරයා රකිමින් අදහස් පල කර තිබේ.

දැනට සති කිහිපයක සිටම මොහු ආණ්ඩුව විවේචනය කරමින් සිටියේ තම අනියම් බිරිදගේ සමාගමකට එතෙක් ලබා දී තිබූ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මුද්‍රණය කිරීමේ කොන්ත‍්‍රාත්තුව ඉහල ඇමතිවරයෙකු විසින් වෙතත් සමාගම් හතරකට පැවරීම මත බවට එකල වාර්තා පල විය.

කෙසේ වෙතත් ඉහල දේශපාලන මැදිහත්වීමකින් ඊයේ(26) වන විට නැවතත් ලොතරැයි මුද්‍රණ කොන්ත‍්‍රාත්තුව අදාල ශ‍්‍රීලනිප නියෝජිතයාගේ අනියම් බිරිදට ලැබීමත් සමග ඔහු සිය වෙන් පෙරලා පෙරේදා(25) දිනයේ ඉදිරිපත් කල අදහසට සහමුලින්ම වෙනස් ලෙස ඊයේ(26) දින අදහස් දක්වා තිබේ.

මෙම ලොතරැයි මුද්‍රණ කොන්ත‍්‍රාත්තුව කෝටි ගණනක ආදායමක් සහිත එකක් වන අතර ඉහත කී මහජන නියෝජිතයා සිංදු කියන, රණ්ඩු කරන, පිල් පනින අයෙක් ලෙසද ප‍්‍රකටය.