FAST NEWS

24×7 Around the Globe

වහබ් රියාස් සති දෙකකට ක්‍රීඩාවෙන් ඉවතට.

පාකිස්තාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස්ට ශ්‍රී ලංකාව හා පැවැත්වෙන ටෙසට් තරගාවලිය අහිමි වී තිබේ.

ඒ ඔහුගේ පන්දු යවන අත ආබාධයකට ලක්විම හේතුවෙනි. රියාස්ට අවම වශයෙන් සති දෙකක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවෙනු ඇතැයි වාර්තා වේ.

පී. සරා පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු දිනයේදී පිතිකරණයේ යෙදී සිටින විට දුෂ්මන්ත චමීර යොමුකළ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහු ආබාධයකට ලක්විය.