FAST NEWS

24×7 Around the Globe

සරණක් සොයන ඉෂාන්ට ලසිත් මාලිංගගෙන් පිළිසරණක්… (වීඩියෝ)

 

හිසට සිදුවූ පහරදීමක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස රෝගාතුරව සිටින අම්බලන්ගොඩ ( Ambalangoda ) ගලගොඩ ප‍්‍රදේශයේ පදිංචි ඉෂාන් කුමාර තරුණයාට පිහිට වීම සඳහා සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩක ලසිත් මාලිංග ඉදිරිපත් වීමට කැමැත්ත පළකර තිබේ.

2015 වසරේ ජූලි මාසයේ දිනෙක කිසියම් සිද්ධියකට අදාලව පුද්ගලයන් සිව්දෙනෙකු විසින් ඉෂාන් කුමාර නමැති මේ තරුණයාගේ හිසට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඔහු දැඩිලෙස රෝගාතුර වී තිබේ.

අවස්ථා කිහිපයකදීම ශල්‍යකර්ම කිහිපයකට මුහුණ දුන් මොහු අද වන විට ජීවත් වන්නේ හිසේ දැඩි අබාධ සහිතවයි.

ඔහුගේ මව්පියන් පවසන්නේ අනතුරින් හානි වූ හිස්කබල ඉවත් කර කෘතිම හිස් කබලක් බද්ධ කළ යුතු බවයි.

මෙම ප‍්‍රවෘත්තිය ඊයේ(25) වෙබ් අඩවියක පළවීමත් සමග එය දුටු සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩක ලසිත් මාලිංග මෙම තරුණයාට පිහිට වීමට ඉදිරිපත් වීමට කැමැත්ත පළකර තිබේ.

වීඩියෝව පහතින්..