FAST NEWS

24×7 Around the Globe

Samsung සමාගම රියැදුරන්ට ආරක්ෂාව සලසන ක්‍රමයක් ගෙනෙයි.

Samsung සමාගම සුදානම් වෙනවා විශාල ට්‍රක් රථ වල පිටුපසට වීඩියෝ තිරයන් සවි කරන්නට. නමුත් එම තිර හරහා ට්‍රක් රථ වලට පිටුපසින් පැමිණෙන අයගේ ගමන් මහන්සිය මඟ හරවන්නට ගත් උත්සහයක් නම් නෙමෙයි මේ. ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමයි.

මං තීරු දෙකක් සහිත මාර්ග වලදී බොහෝවිට රියදුරන් අපරික්ෂාකාරී ලෙස මෙවැනි විශාල ට්‍රක් රථ පසු කිරීමට උත්සහ කරනවා. එය අනතුරු වලට අත වනන්නක්. ඔවුන්ගේ මේ තාක්ෂණය මඟින් සිදු කරන්නේ රථයේ ඉදිරිපස සවි කල රැහැන් රහිත කැමරාවක් මඟින් ලබා ගන්නා දර්ශන, රථයෙහි පිටුපස සවි කර ඇති තිර 4 කින් යුක්ත display එකෙහි දර්ශනය කිරීමයි. මෙම display එකද නිෂ්පාදනය කරන්නේ Samsung සමාගමයි.

ඒ මඟින් ට්‍රක් රථයේ පිටුපසින් පැමිණෙන රථයෙහි රියදුරුට අනෙක් පසින් පැමිණෙන රථ වාහන පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකි අතර ට්‍රක් රථය පසු කරනවාද නැද්ද යන්න ඉතා පහසුවෙන් තීරණය කල හැක.

 

[youtube url=”” width=”560″ height=”315″]