ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිර්මාණ ශිල්පියා වන ජෙෆ්රි බාවා මහතාගේ ගෘහ භාණ්ඩ සැලසුම්වලට නොගැලපෙන අයුරින් නව මයික්‍රොෆෝන පද්ධතිය ස්ථාපිත කර ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(26) පවසා තිබේ.
පාර්ලිමේන්තු සභා ගර්භයට නව මයික්‍රොෆෝන පද්ධතියක් හඳුන්වාදී ඇති අතර එයට මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් විරෝධය දක්වා ඇති බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසා තිබේ.
පාර්ලිමේන්තු සභා ගර්භයේ පවතින මයික්‍රොෆෝන පද්ධතියේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් අද (26දා) පාර්ලිමේන්තු සැසිය ආරම්භ කිරීම පැයක පමණ කාලයක් ප්‍රමාද වී ඇති අතර ඊයේ (25දා) දිනයේදීත් මයික්‍රෝෆෝන පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය.









