FAST NEWS

24×7 Around the Globe

ශාරුක්,සල්මන් ඛාන් එක්ක දරුවෙක්ව හදන්නත් දැන් ප්ලෑන් කරලා….

මේ ඉන්දීය සුපිරි නළු ශාරුක් කාන් මාධ්‍යවේදිනියක් සමග කල සම්මුඛ සාකච්ඡාවක් පහතින් දැක්වෙන්නේ.බලන්නකෝ ඔහු උත්තර දෙන අපුරුව.

 

මාධ්‍යවේදියා -ඔබ වෙනස් අන්දමේ චිත‍්‍රපට නිර්මාණය කරන්න පටන්ගන්නෙ කවද්ද ? නැත්නම් හොඳ චිත‍්‍රපට නිර්මාණය කරන්නට පටන්ගන්නේ කවද්ද ?

ෂාරුක් -ඔබ මගෙන් වෙනස් ප‍්‍රශ්න අහන්න පටන්ගන්නේ කවද්ද ? ඒ කිව්වේ හොඳ ප‍්‍රශ්න ’

මාධ්‍යවේදියා – කේ.බී.සී 3 වැඩසටහනට ඔබට ලොකු මුදලක් ගෙවන බව ආරංචියි. ඒ ගාණ කියක්ද කියලා අපිටත් කියන්න පුළුවන්ද ?

ෂාරුක් -‘ මැඩම් ඔබ ඒ ප‍්‍රශ්නය දිගින් දිගටම අහනවා නම් මට සිද්ධවෙනවා ඔබේ වයස අහන්න ’

මාධ්‍යවේදියා – ඔබ බයි සෙක්ෂුවල්ද ද ? ’

ෂාරුක් -මම බියිසෙක්ෂුවල් නැහැ. මම ත‍්‍රයිසෙක්ෂ්වල් ි. මොකද, මම හැමදෙයක්ම කරන්න උත්සහ කරනවා ’

මාධ්‍යවේදියා -ඔබ පියෙක් වීම ඔබේ රංගන හැකියාවන්ට බලපෑමක් කරලා තිබෙනවාද ? ’

ෂාරුක් – ඔව්, චිත‍්‍රපට වල මාත් එක්ක රගපාන හැම නිළියෙක්ටම මම දැන් මගේම දරුවන්ට වගේ සලකනවා, මම ඒ අයව පික් කරනවා මම ඒ අයව තුරුළු කරගන්නවා වෙන එකක් තියා මම එයාලට කතාකරන්නෙත් ‘ බේබි ’ කියලයි ’

මාධ්‍යවේදියා– ඔබ බොහොම ලස්සනට ඉන්නවා. ඇත්තටම ඔබ උදේට ඇහැරෙන්නෙත් මේ විදියටමද ? ’

ෂාරුක් – නැහැ. නැහැ. හැම උදේකම මම ප්ලාස්ටික් සැත්කමක් කරගන්නවා ’

ෂාරුක් ඔහුව සම්මුඛ සාකච්ඡාවට ලක්කරපු මාධ්‍යවේදීන්ට ඒ විදියට පිළිතුරු බඳිද්දී කරන් ජොහාර් ගෙ කොෆී විත් කරන් වැඩ සටහනේදී කරන් අහන ප‍්‍රශ්නයකට ෂාරුක් උත්තර දෙන්නෙ තරමක් ආඩම්බරයෙන්.

මාධ්‍යවේදියා -සල්මන් ඛාන් සහ ඔබ අතර තිබෙන ඇසුරු දැන් හොඳට තියෙනවද ? ‘

ෂාරුක්-ඔව්, අපි දෙන්නා එකතුවෙලා දරුවෙක්ව හදන්නත් දැන් ප්ලෑන් කරලා තියෙනවා ’
කරන් -අපි මෙහෙම හිතමු. ඔබ උදේ නැගිට්ටම ඔබ අමීර් වෙලා හිටියොත් මොනවා කරාවිද ? ’

ෂාරුක් – එහෙනම් මම මුලූ ලෝකෙටම කියයි ෂාරුක් කියන්නේ විශිෂ්ඨ රංගන ශිල්පියෙක් කියලා ’

කරන් – රිතික් ද අමීර් ද වඩාත් දක්ෂම නලූවා ?
ෂාරුක්- කාට වඩාද ? කරන්

ෂාරුක් වරින්වර ඔහු ගැනම ප‍්‍රකාශ කරන්නේ මේ විදියටයි.
‘මම මම ගැනම ආඩම්බර වෙද්දි මම කරන්නේ ඇමරිකාවට ටි‍්‍රප් එකක් යන එකයි. ඒ ගමන අතරතුරදි සංක‍්‍රමණිකයින්ව පරික්ෂාවට ලක්කරන නිළධාරියා මගේ සුපිරි බවට ආඩම්බර කමට පයින් පහරක් දෙනවා ’

මම තවදුරටත් චෙක් වලට අත්සන් කරන්නේ නැහැ. මම I Love you ෂාරුක් කියලා අත්සන් කරන නිසා