FAST NEWS

24×7 Around the Globe

ලසන්ත ඝාතනය කළැයි කියන හමුදා බුද්ධි අංශ නිලධාරියා එල්ලිලා මැරුණාද? මරලා එල්ලුවාද?

 

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මරණය තමා විසින් සිදුකළ බවට ලිපියක් ලියා තබා එල්ලී මැරුණු බව සඳහන් කළ පුද්ගලයා එල්ලී මැරුණාද? එසේ නැත්නම් මරා එල්ලුවාද යන බරපතළ සැකයක් පවතින බව බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගි වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පවසා තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතා අනතුරට පත් වූ අවස්ථාවේ එම පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටර් තිහක් ඈතින් සිට ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

මියගිය පුද්ගලයා විසින් ලියන ලද බව කියන ලිපියේ අත්අකුරු පිළිබඳව විධිමත්ව පරීක්ෂා කළ යුතුව ඇතැයිද හා ඒ අනුව මේ පිළිබඳ ස්ථීර නිගමනයකට එළැඹීමට පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරීන්ට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඇමැතිවරයා පවසා තිබේ.