FAST NEWS

24×7 Around the Globe

මහේල හා සංගා කාන්තාවන් වෙනුවෙන් ජාත්‍යන්තරයට එකතු වෙයි…

 

කාන්තා අයිතීන් පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලය සමග එක්ව තිබේ.

කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය වන නොවැම්බර් මස 25 වන දින දියත් කෙරෙන “කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කරමු” (Let’s Hit Violence Against Women for Six)යන තේමාව යටතේ, ලංකාවේ කාන්තා හිංසනය තුරන් කිරීමේ ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා මහේල සහ කුමාර් සංගක්කාර එක්වී සිටින බව යුරෝපා සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

කාන්තා හිංසනයට එරෙහිව දැනුවත් කිරීම සඳහා වන තම ප්‍රයත්නයේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර තමන් සමග හවුල්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය සිය සතුටද පළකර තිබේ.