FAST NEWS

24×7 Around the Globe

ශෂීන්ද්‍ර‍ අභියෝගය භාරගනී… ඇමති සොයිසා ප්‍රාදේශිය සභා ඡන්දයට…?

 

“පුළුවන්නම් මාත් එක්ක ආසනයකින් ඉල්ලලා දිනලා පෙන්වන්න කිය කියා විජිතමුණි ඇමැතිතුමා මට දිගින් දිගටම අභියෝග කරනවා . මම එතුමාගේ අභියෝග භාරගන්න කැමතියි. මම විජිතමුණි ඇමැතිතුමාට කියනවා එතුමාගේ ගම බිබිල නිසා ඇමැතිකමින් ඉල්ලා අස්‌වෙලා බිබිල ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එන්න කියලා. එතැනදී වුණත් එතුමා පරද්දලා පෙන්වනවා“ යෑයි ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ පවසා තිබේ.

ඔහු මේ බව සඳහන් කළේ ඉතිහාස දිනය සඳහා මොනරාගල පුස්‌තකාල ශ්‍රවණාගාරයේ සකස්‌ කර තිබූ ප්‍රදර්ශනය සඳහා පැමිණි අවස්ථාවේදීය.