FAST NEWS

24×7 Around the Globe

මට්ටක්කුලිය කැළඹු සිද්ධියේ පරීක්ෂණ CCDයට… (වීඩියෝ)

 

මට්ටක්කුලිය සමිත්පුර ප‍්‍රදේශයේ ඊයේ (23) රාත‍්‍රී සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියයාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ විමර්ශන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාශය සිදු කරන අතර වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ කොපු හතරක් සහ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල උණ්ඩ කොපු දෙකක් සොයා ගෙන තිබේ.

මෙය පාතාල කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් මත සිදුවූවක් බවට හඳුනාගෙන ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ තවත් තිදෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඔවුන්ගෙන් දෙදෙනෙකුට ඊයේ (23) රාත‍්‍රියේ සැත්කම් සිදු කෙරුණු අතර මේ වනවිට සාමාන්‍ය වාට්ටුවක ප‍්‍රතිකාර ලබමින් සිටින බවද සදහන් වේ.

වීඩියෝ පහතින්..