FAST NEWS

24×7 Around the Globe

විරාත් කෝලී කුමාර් සංගක්කාරගේ ස්ථානය දිනා ගනිමීන් ඉදිරියට එයි…

එක්දින ශතක 25ක් ලබා එක්දින වැඩිම ශතකලාභී ලැයිස්තුවේ 4 වැනි ස්ථානයේ පසු වූ කුමාර් සංගක්කාර පසුකර යාමට ඉන්දීය පිතිකරු විරාත් කෝලි ඊයේ (23) සමත් විය.

නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එරෙහි එක්දින තරගාවලියේ ඊයේ (23) පැවති තෙවන එක්දින කි‍්‍රකට් තරගයේදි ශතකයක් වාර්තා කිරීමත් සමග විරාත් කෝලී සංගක්කාර අබිභවා යැමට සමත් විය.

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 154ක් ලබා ගනිමීන් සිය එක්දින කි‍්‍රකට් දිවියේ 26 වන ශතකය වාර්තා කිරිමට කෝලි සමත් විය.

එක්දින ශතක 49ක් වාර්තා කරමින් ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් ලොව වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා ලෙස පෙරමුණේ පසුවෙයි.

එසේම ඔස්ටේ‍්‍රලියාවේ රිකී පොන්ටින්  එක්දින ශතක 30 ක් වාර්තා කරමීන් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන අතර එක්දින ශතක 28ක් වාර්තා කළ ශී‍්‍ර ලංකාවේ සනත් ජයසුරිය එම සටහනේ 3 වන ස්ථානයේ පසුවේ.