FAST NEWS

24×7 Around the Globe

ටයිටැනික් නැවේ භාණ්ඩ වලට සිදුවෙන දේ මෙන්න…

 

ලොව ප‍්‍රකට ටයිටැනික් නෞකාවට අයත් භාණ්ඩ 200 කට වැඩි ප‍්‍රමාණයක් ඉදිරියේ දී වෙන්දේසි කිරීමේ සූදානමක් ඇතැයි විදෙස් වාර්තා පවසා තිබේ.

බී බී සී ලෝක සේවය වාර්තා කර ඇත්තේ 1912 වර්ෂයේ දී මුහුදුබත් වූ මෙම නෞකාවේ තිබී සොයාගත් ලිපි ලේඛන, වෙනත් ද්‍රව්‍ය සහ කැබිනට්ටුවක යතුරක්ද වෙන්දේසි කිරීමට නියමිත බවයි.

එය ටයිටැනික් නෞකාවේ සේවය කළ සේවකයෙකුට අයත් එකක් බව පැවසෙන අතර මෙම සේවකයා නෞකාව මුහුදුබත් වූ අවස්ථාවේ දී ජීවිත රැසක් බේරා ගැනීමට දායක වී ඇති බව ද සඳහන් වේ.

ඒ අනුව විදෙස් පුවත් සේවා පවසන්නේ එම පෞරාණික යතුරේ අවම ලන්සුව පවුම් පනස්දහසට අධික වනු ඇති බවයි.