FAST NEWS

24×7 Around the Globe

‘‘උස නං සිකිරුටි.. කොට නං කම්කරු’’ රැකියා ජෝගිය නිසා සජිත් ඇමතිකමින් දොට්ට..??

 

ඇමති සජිත් ප්‍රේමදාස විසින් පසුගියදා හම්බන්තොටදී රැකියා ලබා දුන් ආකාරය යහපාලන මූලධර්ම උල්ලංගණය කරන බවත් ඔහුගේ එවන් කටයුතු නිසා එජාපයේ කීර්ති නාමය කෙලෙසෙන බවත් එම පක්‍ෂයේ ප‍්‍රබලයින් කිහිප දෙනෙකු විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පැමිණිලි කිරීමට යන බව වාර්තා වී තිබේ.

ඇමති සජිත්ගේ ක‍්‍රියාව නිසා අනෙක් ඇමතිවරුන්ද ඔහුගේ තත්වයෙන් ජනතාව මනිනු ඇති බවත් එය පක්ෂයට බලවත් කළු පැල්ලමක් බවත් මෙම පිරිස අගමැතිවරයාට පෙන්වා දීමට සූදානමින් සිටින බව සදහන් වේ.

මේ නිසා සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඇමති ධුරය මාරු කිරීමකට හෝ කිසියම් විනය පරීක්‍ෂණයකට ලක් කරන්නැයිද ඔවුන් ඉල්ලා සිටිනු ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.