FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දින 100 යේ සැළැස්ම මෙන්න…(වීඩියෝ)

 

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනතාවට දින
100 ක සැළැස්මක් ඉදිරිපත් කර තිබේ.

තමා ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත් වුවහොත් ප්‍රථම දින 100 තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන කාර්යයන් පිළිබඳව ඉන් පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරණයට දින 17 ක් තිබියදී පැවැත්වූ සිය කථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඇමරිකානුවන්ට ජීවිත කාලය තුළ එක් වරක් පමණක් අත්දැකිය හැකි වෙනසක් සඳහා තමන් පෙනී සිටින බවයි.

විදෙස් වාර්තා පවසන්නේ 70 හැවිරිදි ඩොනල්ඞ් ට්‍රම්ප් සාමාන්‍යයෙන් සටහනක් නොමැතිව ජනතාව ඇමතුවද තම දින 100 සැලැස්ම සඳහා සකස් කළ සටහන් රැගෙන විත් තිබීම විශේෂත්වයක් බවයි.

ඉදිරි දශකය තුළ ඇමරිකානුවන්ට රැකියා මිලියන 25 ක් නිර්මාණය කරන බව පැවසූ ඩොනල්ඩ් ට්‍රම්ප් නීතිවිරෝධි සංක්‍රමණය මැඩපැවැත්වීමට කටයුතු කරන බවත් අවධාරණය කර තිබේ.

වීඩියෝව පහතින්..