FAST NEWS

24×7 Around the Globe

සිම්බාබ්වේ සංචාරයේ ටෙස්ට් සංචිතය නම් කෙරේ – චන්දිමාල් හා තිරිමාන්න ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව විසින් නම්කොට තිබේ.

එහි නායකත්වය සුපුරුදු පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර,ආබාධයක් හේතුවෙන් උපනායක දිනේෂ් චන්දිමාල්ට මෙම තරගාවලිය අහිමි වී තිබේ.

කසුන් මධුශංක, ළහිරු ගමගේ, ළහිරු කුමාර, අසේල ගුණරත්න යන නවක ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුළත්ව ඇති අතර, දිගින් දිගටම අසාර්ථක වූ ළහිරු තිරිමාන්නට සංචිතයේ ස්ථානය අහිමිව ඇත.

ශ්‍රී ලංකා සංචිතය – ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත්, කුසල් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්,සුරංග ලක්මාල්, කසුන් මධුශංක, ළහිරු ගමගේ, ළහිරු කුමාර, අසේල ගුණරත්න