FAST NEWS

24×7 Around the Globe

කො‍දෙව්වන් සමග එක්දින තරගාවලියට සංචිතය නම් කෙරේ – නායකත්වය මීලින්දට..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නම් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

එහි නායකත්වය මිලින්ද සිරිවර්ධනයට හිමිව තිබේ.

කණ්ඩායමට නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත් අතර යොවුන් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝද ඒ අතර වෙති.

පළමු තරගය 24දා දඹුල්ලේදීත්, දෙවැනි තරගය 27 දා කුරුණෑගලදීත්, තුන්වැනි තරගය 30දා කොළඹදීත් පැවැත්වීමට නියමිතය.

ශ්‍රි ලංකා ඒ සංචිතය – දනුෂ්ක ගුණතිලක, සඳුන් වීරක්කොඩි, මිනෝද් බානුක, චරිත් අසලංක, මිලින්ද සිරිවර්ධන, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, කසුන් රජිත, බිනුර ප්‍රනාන්දු, කසුන් විජේරත්න, අමිල අපොන්සු, ළහිරු මිලන්ත,ශම්මු අශාන්, අනුක් ප්‍රනාන්දු, අලංකාර අසංක