FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් වූ ලිංගික අතවරයක් ගැන කතක් හෙළි කරයි…

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කළ ලේකම්වරියක් වූ ගයත්‍රී වික්‍රමසිංහට එහි ප්‍රධානීන් ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට පසුගිය කාලයේ වාර්තා පල වුන අතර ඇය දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට තමන්ට සිදුවූ අකටයුතුකම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබේ.

තමන් ක්‍රිකට් ආයතනයේ සේවය කරන කාලයේදී ලිංගික අඩත්තේට්ටම් මුහුණ දුන් බවත් ක්‍රිකට් ආයතනයේ ඉහළ පුටුවල අය ඇතැම් අවස්ථාවල ක්ල්බ් වලට රැගෙන යාමට උත්සහ කළ බවත් ඇය මෙහිදී සඳහන් කර තිබේ.

එසේම 2012 දී තමන්ට ලිංගික හිංසනයක් සිදුවූ බවත් මෙම හිටපු ලේකම්වරිය එම පුවත්පතට වැඩිදුරටත් සඳහන් කර තිබේ.

”මම ක්‍රිකට් ආයතනයේ සේවය කරන කාලයේදී මම ලිංගික අඩත්තේට්ටම් ගොඩකට මුහුණ දුන්නා, ඒ මානසික වශයෙන් වගේම කායිකව, මේ හැමදේම කලේ ක්‍රිකට් ආයතනයේ ඉහළ පුටුවල ඉන්න අය, ඔවුන් ඇතැම් අවස්ථාවල මාව ක්ල්බ් ගානේ එක්ක යන්න කතා කළා, ඒ අය එක්ක හවසට බොන්න යන්න කතාකළා, මේ හැමදේම ඔවුන් කලේ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන්න කතා කරනවා වගේරාජකාරී වෙලාවන්වල..

2012 දී මට ලිංගික හිංසනයක් සිදුවුණා, ඒත් මේ ක්‍රිකට් ආයතනයේදී, ඒ ගැන මම ඉහළට දැනුම් දුන්නා, මම අවිවාහක කාන්තාවක් විදියට මං කැමති නෑ මගේ නම කැත කරගන්න, සමහර අවස්ථාවල මං ගැන බොරු දාලා පත්තරවල ගියා, අන්තිමට වැරදිකාරයා වුණේ මම, ඒ ගැන මම ඔවුන් දැනුවත් කළා, සමහර අවස්ථාවල මම කරපු දේවල් ඵලක් වුණේ නෑ, ඒ දේවල් ඔවුන් ගණන් ගත්තේ නෑ,

ලියුමක්වත් නැතිව මාව ආයතනයෙන් එකපාරටම එළවලා දැම්මා, ඒත් මම ඉවසනවා සමහර මිනිස්සු මට කරපු දේවල් ගැන”