FAST NEWS

24×7 Around the Globe

චීන ගගනගාමීන් දෙදෙනකු සහිත ෂෙංෂෞ 11 යානය ගුවන් ගත කරයි..

චීන ගගනගාමීන් දෙදෙනකු සහිත ෂෙංෂෞ 11 අභ්‍යාවකාශ යානය උතුරු චීනයේ ජියුකු ආං අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම යානයෙන් ගමන් අරඹා ඇත්තේ හතළිස්නව හැවිරිදි ජිං හයිපෙන් සහ තිස් හත් හැවිරිදි චෙං ඩොං නමැති ගගනගාමීන් දෙදෙනාය.

මීට පෙර ගුවන්ගත කර ඇති ටියාංගොං අභ්‍යවකාශ යානය අසල රැඳී සිටිමින් මොවුන් දෙදෙනා පරීක්ෂණ කරන බව වාර්තා සඳහන් කරයි.

මොවුන් මෙම පරීක්ෂණ සඳහා දින 30ක කාලයක් අභ්‍යාවකාශයේ රැඳී සිටිනු ඇත.

මීට පෙර චීනය විසින් අභ්‍යවකාශගත කර තිබූ ටියා ගොං අභ්‍යාවකාශ නිරීක්ෂණ රසායනාගාරයේ සේවාවන් පසුගිය ජනවාරි මස දී අවසන් කර ඇත.