FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩකයෝ 17 ක් ක්‍රීකට් වාර්ෂික ගිවිසුම අත්සන් කරති..(ලැයිස්තුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ගිවිසුම අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 17 දෙනෙකු මේ වන විට එකඟ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය පවසයි.

ඒ අනුව ඊයේ (20) දිනයේදී ක්‍රීඩකයින් 17 දෛනෙකු වාර්ෂික කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් කළේය.

වාර්තා වන අන්දමට ලසිත් මාලිංග, සචිත්‍ර සේනානායක සහ ධම්මික ප්‍රසාද් මෙතෙක් අත්සන් කිරීමට අපොහොසත් වී ඇත.

වර්ෂයක් පාසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග වාර්ෂික ගිවිසුම් සඳහා එළඹෙයි.

නමුත් මේ වසරේ පැවති ගිවිසුම්හි ඇතුළත් කරුණු කාරණා වෙනස් කිරීම හේතුවෙන් ඔවුන් මෙම ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කර තිබුණි.

 

ssss