FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ලොක්කන්ගෙන් ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට එල්ල වන වාරණය මෙන්න…

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හට හිමිව තිබූ වරප්‍රසාද කිහිපයක් අහෝසි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන ඇතැයි වාර්තා වේ.

විදෙස් තරගාවලියකට ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරු සහභාගී වන අවස්ථවකදී ඔවුන්ට ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් නොමිලේ ලබා දීමට ක්‍රිකට් ආයතනය මීට පෙර පියවර ගෙන තිබුණි.

නමුත් එම වරප්‍රසාදය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එසේම සංචාරය අතරතුර තම දරුවන් රැගෙන යෑමට තිබූ අවස්ථාවද ඉවත් කර ඇතැයි පැවසේ.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයාගේ පවුලේ සාමාජිකයින් හට වසරට එක් වරක් ආසියානු සංචාරයක් සඳහා නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීමට නියමිත යැයි වාර්තා වේ.