FAST NEWS

24×7 Around the Globe

රන් පදක්කමට මෙන්ම ජාත්‍යන්තර කුසලානයට හිමිකම් කියූ තරිදුගේ අලුත්ම නිපැයුම මෙන්න…

 

2016 වසරේ ජාත්‍යන්තර තරුණ නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියක් ඉන්දුනීසියාවේ පැවැත්වී තිබේ.

එහිදී බීමත් රියදුරන් පහසුවෙන් හදුනා ගැනීමේ නවීන විද්‍යුත් උපකරණයක් නිපදවමින් හොරණ මුණගම දික්හේනපුර 4 වැනි පටුමගෙහි පදිංචි තරිදු හේෂාන් හොඳම නව නිපැයුම සඳහා වූ රන් පදක්කම සහ විශ්ව නව නිර්මාණ බුද්ධිමය දේපළ සංගමය පිරිනමන තරගාවලියෙහි දක්ෂතම නව නිර්මාණයට හිමි කුසලානය හිමි කරගෙන තිබේ.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙහි ඉගෙනුම ලබන ඔහුට උපහාර පිදීමේ උත්සවයක් විද්‍යාලයීය රංග ශාලාවේදී පෙරේදා (18)දින පවත්වා තිබේ.

2015 වර්ෂයේදී ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමය පැවැත්වූ අන්තර් පාසල් නව නිර්මාණ තරගාවලියෙහි ප‍්‍රථම ස්ථානයට හිමි රන් පදක්කම සහ 2016 වර්ෂයේදී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ ශි‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පැවැත් වූ අන්තර් පාසල් නව නිර්මාණ තරගාවලියෙහි ද ප‍්‍රථම ස්ථානය ලබා ගැනීමට ඔහු සමත් වූ බව විදුහල්පති කසුන් ගුණරත්න මහතා පවසා තිබේ.