FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වෝ ලකුණු 135 ක් පසුපසින්….

ශ්‍රී ලංකා ‘ඒ’ පිල ප්‍රථම ඉනිමේ සියලු දෙනා දැවී ලැබූ ලකුණු 318ට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිල ඊයේ (19)  සිව්දින තරගයේ දෙවැනි දිනයේ වර්ෂාවෙන් තරගය අතරමග නවත්වන විට ප්‍රථම ඉනිමට කඩුලු 4ට ලකුණු 183 ක් ලබා තිබුණි.

එ අනුව කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 135 ක් පසු පසින් සිටියි.

දඹුල්‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඊයේ ඕවර දහයක් වන විට ඉතිරි කඩුලු තුන ද දැවීයාම නිසා එක්කිරීමට හැකි වූයේ තවත් ලකුණු 46ක් පමණි.

අද (20) තරගයෛ් තෙවන දිනයයි.

ලකුණු පුවරුව

fs