FAST NEWS

24×7 Around the Globe

ගුවන් අනතුරෙන් මව හා දරුවා බේරුනේ හාස්කමකින්…..

කොලොම්බියාවේ සැහැල්ලු ගුවන් යානා අනතුරකින් පසු එහි ගමන්ගත් තරුණ මවක් හා බිළිඳෙකු දිවි ගලවාගෙන තිබේ.

බටහිර කොලොම්බියාවේදී ඔවුන් ගමන් කරමින් තිබූ සැහැල්ලු ගුවන් යානය අනතුරට ලක්ව තිබුණු අතර, එරට ගුවන් හමුදාව දින පහකට පසු දරුවාත් මවත් සොයා ගන්නා විට ඔවුන් ජීවතුන් අතර සිටි බව කියැවෙයි.

මාරි නෙලී මුරිල්ලෝ නමැති 18 හැවිරිදි මව හා ඇගේ දරුවා රැගත් යානය අනතුරට පත්ව තිබී ඇත්තේ චොකෝ වනගත පළාතේදීය.

ඔවුන් බේරාගන්නා විට මව කැපුම් තුවාල කිහිපයක් හා පිළිස්සුම් තුවාල කිහිපයක් සමග සිටියත් දරුවා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූ බව ගුවන් හමුදාව පවසයි.